කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ සේවය කරන සියඹලාණ්ඩුව-විලඔය සහ බුත්තල-උනාවටුන පදිංචි සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
මෙම යුධහමුදා සෙබළුන් දෙදෙනා මීට සති තුනකට පමණ ඉහතදී නිවාඩුවට ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ කඳවුරට ආපසු ගොස් ඇත.
එම කඳවුරේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
එම දෙදෙනාගේ නිවෙස් වල සහ ඔහු ඇසුරු කළ අවට නිවෙස් වල පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සහ ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව සොයාබලා සෞඛ්‍ය උපදෙස් ලබාදීමටත් කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසීය.
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරී මහතාගේ මෙහෙයවීම යටතේ සියඹලාණ්ඩුව සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු අදාල ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රදේශවලට ගොස් ජනතාවට අවශ්‍ය උපදෙස් දෙමින් කටයුතු කරති.
මොනරාගල සුමනසිරි ගුණතිලක