කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන නව කොවිඩ් ආසාදිත පොකුරෙන් ආසාදිතයන් 541 වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එය ආසාදිතයන් අතරින් 444ක් රැඳවියන් වන බවත් තවත් 63ක් උපදේශකයන් හා කාර්ය මණ්ඩලයට අයත් කණ්ඩාම් බවත් ඔහු පැවැසීය.
එසේම තවත් ආසාදිතයන් 5ක් සංචාරක මගෙපෙන්වනන් වූ බවත් ඉතිරි 29 උපදේශකයන්ගේ පවුල්වල අය බවත් යුද හමුදාපතිවරයා සදහන් කළේය.
කන්දකාඩු හා සම්බන්ධ වී සිටි සියලුම දෙනා නිරෝධානයට යොමුකර ඇති බවත් ඒ අතරින් 1200කට ආසන්න සංඛ්‍යාවක් ත්‍රිවිධ හමුදා නිරොධායන මධ්‍යස්ථාන තුළට රැගෙන ඇවිත් නිරෝධායනය කරන බවත් තවත් 1300ක් ස්වයං නිරෝධානයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.
කිලිනොච්චිය නව යුද හමුදා මූලික රෝහල විවෘත කරන අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.