කන්දකාඩු පොකුර ආශ්‍රිතව අද දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව පස්වරු 6.00 වන විට කිසිම කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ දිනයේදී රාජාගණය ප්‍ර දේශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ 395ක් කළත් එහිදී කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොතිබුණ බවද ඔහු පැවැසීය.
රාගම පුද්ගලික රෝහලේ කරනු ලැබූ සියලුම පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බවත් ඔහු පැවැසීය.
කුණ්ඩසාලෙන් 101ක් හා කොටුගොඩ පල්ලිය ආශ්‍රිතව 74ක්, තන්තිරිමලේ, රන්ටැඹේ 266ක් හා පොලොන්නරුව රෝහලට පැමිණෙන අයගේ සාම්පල් 200ක් හා රාජාංගණයෙන් 150ක් ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවත් ඔහු පැවැසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6651395cd4.jpg)