විදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝධායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද ( 09) වෙනිදා පෙරවරුවේ තම නිවෙස් කරා පිටව ගියහ.
ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි මෙම ශී‍්‍ර ලාංකිකයන් පිරිස යුද හමුදාවේ අධික්ෂණය යටතේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු අතර පිටව ගිය එම පිරිස කොළඹ හලාවත කුරුණැගල පුත්තලම සහ මිගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු සඳහන් කළේය.
විදෙස්ගත සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ මාසකෙට ආසන්න කාලයක් නිරෝධායනය වු පළමු කණ්ඩායම සහ පිටව ගිය අවසන් කණ්ඩායමද මෙය වන බව එම හමුදා නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අද වෙනිදා පිටව ගිය පුද්ගලයින් දින 29ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක් වුයේ වරින් වර මොවුන් සමග සිටි කිහිපදෙනෙකු හට කොරෝනා රෝගින් බවට තහවුරු විම හේතුවෙන් පිටව ගිය එම පිරිසට වැඩි කාලයක් නිරෝධායනයට ලක්විමට සිදු වු බව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ඉහල නිලධාරියෙකු පැවසිය.