කන්තලේ ප්‍රදේශයේදී අසනීපව රෝහල් ගත කර සිටි මීරිගම ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණිය කොරෝනා ආසාධිතයකු නොවන බව හෙළිවී ඇති අතර ඇය නිවසට එවීමට පියවර ගෙන ඇති බව කන්තලේ පොලිසිය අද (7 දා) දහවල් මීරිගම පොලිසිය වෙත දැනුම් දෙනු ලැබූ අතර පැතිරයන ආංරචි මත බියට පත් නොවන ලෙස මීරිගම ජනතාවගෙන් ඉල්ලන බව මීරිගම පොලිසිය කියයි.
මීරිගම ප්‍රදේශයේ තරුණිය ඇදිරි නීතිය පවතින අතරදී ලොරි රථවල නැගී කන්තලේ ප්‍රදේශයට ගොස් සිිිටියදී රෝහල් ගත කිරීමෙන් පසු ඇය කොරෝනා ආසාධිතයකු බවට ආරංචි පැතිරි ගියේය.
ඇය රෝහලෙන් පළා ගොස් ඇති අතර ඒ අවස්ථාවන්හිදී යළි රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.
මේ හේතුවෙන් මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බී. ඒ. කුමාරදාස මහතා ඇතුලූ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කණ්ඩායමක් අද උදේ එම තරුණියගේ නිවසේ සාමාජිකයන් පරීක්ෂාවට ලක් කර ස්වයං නිරෝධායනයේ යෙදීමට උපදෙස් දෙනු ලැබීය.
මේ අතර ඇය රෝගී තත්ත්වයකින් නොපෙලෙන බව කන්තලේ රෝහලේදී සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් හෙලිවීමෙන් පසු ගිලන් රියකින් ඇය නිවසට එවීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව ඇය නිවසට එවීමෙන් පසු ආරක්ෂිතව රදවා තබාගන්නා ලෙසට මීරිගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා කාංචනා සමරකෝන් මහත්මිය ඇගේ පවුලේ සාමාජිකයන්ට තරයේ උපදෙස් දුන්නේය.
මෙම තරුණිය තදින් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් වන අතර ඇය ඉබාගාතේ යාමේ නිරතවූවෙක් බව හෙළිවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි