කන්තලේ සීනි කම්මල සතු උක් අක්කර 21333 යි රූඩ් දෙකයි පර්චස් තිහක භූමියෙන් අක්කර 11000 ක් කෙටි කාලීන බෝග වගාව සඳහා නිදහස් කිරීමේදී බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටී පිරිසක් ඉවත් කිරීමට ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී.මහේෂ් හේමන්ත කුමාර මහතා පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායට හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්හ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩල අනුමැතියක් මත වාර්ෂික බලපත්‍ර ක්‍රමයකට මෙම ඉඩම් නිදහස් කරදී වගාකරුවන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගෙන පළමු වටයේ තෝරා ගත් 1317 කට ඉඩම් නිදහස් කිරීමට යාමේදී වගාකරුවන්ට හා රජයේ නිලධාරීන්ට බාධා එල්ල කිරීම නිසා දිසාපතිවරයා මෙම කරුණු සැලකිල්ලට ගෙන අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කළේය .
වගාකරුවන් සඳහා එක් අයෙකුට උපරිමය අක්කර තුන බැගින් මැන වෙන් කරදීමේදී වගාකරුවන්ට බාධා එල්ල කිරීමට බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටි අය සිදුකිරීම නිසා මේ සම්බන්ධයෙන් දිසාපතිවරයාට ලද පැමිණි අනුව සහකාර ඉඩම් කොමසාරිස් කෞශල්‍යා කුරේ මහත්මිය සමඟ ක්ෂේත්‍ර පරීක්ෂණයේදී සියලුම නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදීම දිසාපතිවරයා සිදු කළහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා
