හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද වන කනක හේරත් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
"මේ අවස්ථාවේදී රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය විය. එබැවින් මෙම වෙනසට ඉඩ දී එම කෙටිකාලය මාගේ ඉංජිනේරු වෘත්තියට නැවත ප්රවිශ්ඨ වීමටත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යය උපාධිය සම්පූර්ණ කිරීමට මෙන්ම පවුලේ අය සමඟ ගතකිරීමටත් භාවිතා කිරීමටද මම අදහස් කරමි.
තවද මා ඉදිරියටත් මගේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමි. මම විශ්වාස කරන දේශපාලන මතවාදය සමඟ එක්ව සිට ගනිමි."