මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වූ පසු ඉන්දියාවේ සිදු කරන ලද පළමු නිළ සංචාරය අතරතුර ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් සිදු කරන ලද ඉල්ලීමක් මත ඉන්දියානු රජයේ පරිත්‍යාගක් ලෙස 2017 වර්ෂයේ වැඩ ආරම්භ කෙරුණු කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් කටයුතු පසුගිය සමයේ අතරමග නැවතී තිබුනි. විශේෂයෙන්ම පසුගිය සමයේ කිහිප විටක්ම පවතින රජයෙන් මෙම පාසලේ වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලීම් කළත් ඒ සඳහා සුබදායී පිළිතුරක් නොලැබිණි.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මැතිතුමාගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක් මත එම ත්‍රෛභාෂා ජාතික පාසලේ වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පාසලේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියොජ්‍ය මහ කොමසාරිස් එල්දොස් මැතිව් පුන්නූස් මැතිතුමා සහ රජයේ නිලධාරීන් පසුගියදා නිරීක්ෂණය චාරිකාවක් සඳහා එක්විය.
ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත මෙම පාසලේ වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 250ක් ඉන්දියානු රජයෙන් ලබාදෙන බවට දැනුම්දෙන ලදි.