කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කොට ඇත. එය අද දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා තහවුරු කරයි.
එසේම විවාදයේ දෙවැනි දිනය වන 20 වැනිදා ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද තීරණය කොට ඇති බව ඒ මහතා වැඩි දුරටත් දන්වා සිටියි.
ඉත්ද්රමූර්ති ජයසූරිය