පවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.
ඒ අනුව හිස්වන ජනපතිධුරය සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කර නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ නායක රැස්විමේදි තීරණය කර ඇතැයි රවුෆ් හකීම් මහතා සිය ට්විටර් ගිණුමෙන් සදහන් කරයි.