කථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වන ගැටළුවට ඉදිරි දින කිහිපය තුළ ඔහු විසින්ම පිළිතුරක් ලබා දෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(10දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පසුගිය දින වල කතා බහට ලක් වුණා. යම් පාර්ශව මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවම ආචාර්ය උපාධිය ලබා ගත්තා කියලා කිසිවක් ඉදිරිපත් කරලා නෑ. පාර්ලිමේන්තු වෙබ් අඩවියෙත් මේ වන විට ආචාර්ය කියන කෑල්ල ඉවත් කරලා තියෙන්නේ. මොකක්ද මේ ආචාර්ය උපාධියේ ඇත්ත තත්ත්වය ?
පිළිතුර - කථානායකවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් සිදු කරයි.