අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව හෙට( 14 දා) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2423/04 යන 2025.02.10 දිනැතිව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව හෙට පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දී තිබේ.