තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ගැටලු කාරි තත්ත්වය මත තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කළ බව මන්ත්‍රි අශෝක රංවල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි මේ අවස්ථාවේදි තමන් සන්තකයේ නොමැති බවත් ඒ්වා ලබාගැනිමට යම් කිසි කාලයක් ගතවෙනු ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
තමන්ට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලට අනුබද්ධ පර්යේෂණ ආයතනය විසින් ඒ් බව තහවුරු කර ගැනිමට හැකි බවත් ඒ් වෙනුවෙන් යම් කාලයක් ගත වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.