කතානායක නිල නිවස ඉදිරිපිට මාර්ගයට ගස් දෙකක් කඩා වැටී සිදුව තිබූ අනතුර යථා තත්ත්වයට පත්කරමින් සිටියදී අධික වේගයෙන් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඒ මතින් ධාවනය වීමට යාමේදී එහි රියදුරු බරපතල තුවාල ලබා (27) දා රත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වැලිකඩ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුව දෙස සිට පොල්දුව මංසන්ධිය දෙසට ගමන් ගන්නා මාර්ගයයට නාගසක් සහ තවත් ගසක් කඩා වැටී (27) දා රාත්‍රී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් එම මාර්ගයේ මන්තීරු තුනක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ අතර සිද්ධියත් සමඟ වැලිකඩ පොලීසියේ නිළධාරින් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම ස්ථානය අඳුරු සහිත ස්ථානයක් බැවින් පැමිණ තිබූ වාහනවල විදුලි පන්දම් දල්වාගෙන මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කෝට්ටේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ගුවන් හමුදා නිලධාරීන් යුහුසුළුව ගස් දෙක කපා ඉවත් කරමින් සිටියදී එක්වරම පාර්ලිමේන්තුව දෙස සිට පොල්දූව මංසන්ධිය දෙසට පැයට කිලෝමීටර් සියයකට ආසන්න වේගයකින් ධාවනය වූ මෝටර් රථයක් ගසෙහි අතු කඩා බිද දමමින් ධාවනය වී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති අතර එහි රිදුරුගේ අතක් බිදී ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
මීට අමතරව කෝට්ටේ ගිනි නිවන ඒකකයේ කාර්ය භාර නිලධාරී ඩී.ඩී. සුනන්ද මහතා ඇතුළු නිලධාරීන් ගිනි නිවන රථයක් සහ ගලවා ගැනීමේ රථයක් පැමිණ මහමගට වැටී තිබූ ගස්වල අතු කපා ඉවත් කරමින් සිටියදී ඉහලින් බිමට වැටුනු ගසක අත්තක් චේන් ෂෝ යන්ත්‍රයක් මතට වැටි එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද පැවසේ.
අනතුරට පත් මෝටර් රථයේ රියදුරු බීමතින් සිට ඇත්තැයි පරීක්ෂා කිරීමට ඇල්කොලයිෂන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න