ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මගින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය අද ( 03) වැනි දින පෙරවරු විවෘත කරන ලදිි .
රැහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරැ ආධාර හා විවිධ පරිත්යාගභවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වට්ටු සංකීර්ණය ඉදිකර තිබේ .
ළමුන් 75 දෙනකුට ප්රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සදහා ක්රියා කාරකම් කිරිමට හැකි ස්ථාන ද සහිතවේ.
මෙම වට්ටු සංකීර්ණය වවෘත කිරිම රෝහලේ ප්රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය.
පැය භාගයකට සීමා වු මෙම විවෘත කිරිමේ උත්සවය සදහා කිසිදු දේශපාලන මහතකු එක් නෙකර තිබිම විශේෂයකි .
අපේක්ෂ රෝහලේ දැරියක් පමණක් සභාව ඇමතු අතර වෙනත් කිසිදු කතාවක් සිදු නෙවි චාම් වු උත්සවයක් සිදුවිය .
මෙම වට්ටු සංකීර්ණය ශ්රී ලංකා ගුවන් හමුදාවේ ශ්රාමදායකත්වයෙන් ඉදි කර තිබේ .
කතරගම සන්දිම දේවප්රිය