කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 07 දෙනා අද (20දා) ලබන මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
අදාළ සැකකරුවන් 07 දෙනා තිස්සමහාරාම මහේස්ත්රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. සිද්ධිය පිළිබද කතරගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.