පවතින මහා වැසි හමුවේ කතරගම මැණික් ගගේ ජලය බෙර පැහැ ගැන්වී ඇති බැවින් මැණික් ගඟට බැසිමෙන් වලකින ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන් ගෙන් හා කතරගම ජනතාව ගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට මහා වැසි පතිතවිම මුල්කොට ගෙන මැණික් ගගේ ජල මට්ටම දෛනිකව වැඩි වෙමින් පවතින බවත් මේ හේතුන් මත කිඔුලන් ද ගොඩබිම් ආශ්රිත ව සැරිසරන බැවින් මැණික් ගග පරිහරනය කිරිම ඉතා අනතුර දායක බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.
මේ වන විට පවතින පාසල් නිවාඩුව මුල් කොටගෙන බැතිමතුන් විශාල ලෙස කතරගම පුරවරය වෙත පැමිණිම සිදුවේ.
බොහෝ දෙනකු සුන්දර මැණික් ගග නැරඹීමට ප්රිය කරන අතර මේ වන විට ගගට බැසිමට ඇති පියගැට පේලවල් සියල්ල ජලයෙන් වැසි පවතිම මත අනතුර දායක බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අවදාරනය කරයි.
කතරගම සන්දිම දේවප්රිය