රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති තියුණු ආයුධයක් අමෝරා ගෙන පසුපස පැන්නූ පුද්ගලයෙකු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ වරද මත රාගම පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා විසින් අත් අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර ඇති අතර මෙම නඩුවට අදාල සියළු කරුණු 2025 වසරේ ජනවාරි මස 31 වනදා අධිකරණය හමුවේ ගොණුකරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
ජාඇල ප්‍රාදේශීය සභාවට අනුයුක්තව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩෙංගු මර්ධන නිලධාරී ලෙස සේවයේ නිරත නිලධාරියෙකු විසින් රාගම පොලිසියට කල පැමිණිල්ලක් මත සැකකරු අත් අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පසුගිය 18 වනදා රාගම කෝපියාවත්ත ප්‍රදේශයේ පොල්ගහහේන වාසනා පිට්ටනිය අසළ සුරුවම ඉදිරිපිට නිවසේ ඩෙංගු පරීක්ෂාව සදහා ගිය පැමිණිලි කරු සිවිල් ඇදුමින් සැරසී සිටි බැවින් තම රාජකාරි හැදුණුම් පත නිවෙස් හිමිකරුට ඉදිරිපත් කර ඩෙංගු පරීක්ෂාවට සහාය දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
සැනෙකින් ක්‍රියාත්මක වූ සැකකරු ගනින් අර කඩුව කියමින් නිවස තුලට ගොස් කඩුවක් වැනි ආයුධයක් රැගෙන නිවසින් එළියට පැමිණ නිවසේ ගේට්ටුව අසල සිටි තමා පසුපස හඹා ආ බවත් මීටර් දෙසීයක් පමණ දුරක් දුව ගොස් තමා ජීවිතය බේරා ගත් බවත්
මෙම අනපේක්ෂිත සිද්ධියෙන් රාජකාරියට ගිය තමා විශාල ලැජ්ජාවකටත් භීතියටත් පත්වූවේ යැයි ඩෙංගු පරීක්ෂක වරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.