මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට අනුව ඉදිරකර තිබූ බවයි.
හිටපු බස්නායක නිළමේවරයෙක් වන ඒ මහතාගෙන් නිවස කඩා වැටීම සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබේ.
“මගේ දුව මේ පාර උසස් පෙළ කරනවා. එයා පාඩම් කරන තැන අපි පාන්දු 1.30 පමණ වෙනකම් ඉදගෙන සිටියා. නිදාගන්න ගියාට පස්සේ අපිට ශබ්ද ඇසුනා. අසල් වැසියෙක් කිව්වා ඔබේ ගේ පුපුරණවා කියලා. කියපු ගමන්ම අපි එළියට එන්න බැලුවත් එළියට එන්න බෑ ගේ ඇතුළේ ටයිල් ඔක්කොම ඉස්සිලා. අපි කොහොම හරි පාරට පැන්නා.
මේක මම නිසි ප්‍රමිතියට හදලා තියෙන්නේ. නමුත් මේක මම ඉංජිනේරින් කෝපරේෂන් එකෙන් කම්බි ගැන අනුමැතිය ගත්තා”
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6bd2bd2c39.jpg)