කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති රථ ගාල් තුළ රැදී සිටිමින් , ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් රැගෙන එන විදේශීය මත්පැන් බෝතල් අඩු මිළට ලබා ගනිමින් සිටි ජාවාරම්කරුවෙකු , ඔහු විසින් මිළට ගත් රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා , මත්පැන් බෝතල් 107 ක් ද සමග 05/05 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 40 හැවිරිදි කටුනායක ප්රදේශයේ පදිංචිකරුවෙකි .මෙම ජාවාරම්කරු මෙම විදේශීය මත්පැන් බෝතල් මෙසේ ලබා ගෙන වෙනත් පිට පළාත් වල හෝටල් , රෙස්ටුරන්ට් වැනි ආයතන වෙත වැඩි මිළකට අලෙවි කිරීම සිදු කර ගෙන ගොස් තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් අතර ලේබල් - 5 , රෙඩ් ලේබල් , ජැක් ඩැනියෙල් සහ ටීචර්ස් යන වර්ග වලට අයත් විස්කි බෝතල් වැඩි වශයෙන් තිබුණි .
මෙම ජාවාරම්කරු සහ ඔහු සන්තකයේ තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගය 05/05 දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .