අද දින උදෑසන කටුනායක පොලිස් වසමේ හීනටියන ප්ර දේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි බවට සැකකරන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා පළා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරු අවුරුදු 29ක් වන හීනටියන ප්ර දේශයේ පදිංචිකරුවෙක් වෙයි. වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට සැකකරයි. කටුනායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.