කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටිඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහල වෙත 10/19 දින දහවල් ඇතුළත් කර තිබේ .
මෙම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 35 දෙනෙකු පමණ මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඇතුළත් කර තිබේ .
අධික වමනය සහ බඩයෑම නිසා මෙසේ මෙම සේවක සේවිකාවන් පිරිස රෝගී වී තිබේ.කටුනායක පොලිසිය සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .