විදේශගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බව පැවසෙන කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් සහ අයිස් ග්‍රෑම් තිස් තුනක් සමග කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පදිංචි (28) වැල්ලම්පිටිය, සේදවත්ත පදිංචි (26) හා (24) කාන්තාවක බව පොලිසිය කියයි.)
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය හා උප පොලිස් පරික්ෂක ආර්.පි.එස්.ටි. කාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් මහබාගේ පොලිස් වසමේ හා රාගම පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී රාගම, වැලිසර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 440 ද වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 610 , හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 650 , ඩිජිටල් තරාදියක්, ජාවාරමින් උපයාගත් බවට සැක කරන රුපියල් 47,000.00 ක මුදලක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශනය කිරීමේදී එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03, මිලි ග්‍රෑම් 30 භාරයට ගැනීමට හැකි වූ බව පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විදේශයක සැගව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහා භාගේ හා රාගම පොලිස් ස්ථාන වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ උපදෙස් මත ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය හා උප පොලිස් පරික්ෂක ආර්.පි.එස්.ටි. කාන්ත ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.