නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එක් මන්ත්‍රීධුරයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කංචන විජේසේකර මහතා මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ අතර එහිදී ඔහු පරාජයට පත්විය.
නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් එක් මන්ත්‍රීධුරයක් සඳහා මේ වන විට රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර ඇති ඒ පිළිබඳව පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.