ගෙවී ගිය සතියෙහි ඖෂධ පහක් ප්‍රමිතියෙන් තොර වීම නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
මේ නිසා පසුගිය කාලයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්රියාක්මක කළ යුතු බවද එම සංගමයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රමිතියෙන් තොර වීම නිසා Clineamycine, Ceftriaxone, Phytomenadione, Cefotaxime, Imipanum, ඖෂධවල කාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම ඖෂධ අතර ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ පවතින බවත් මිට අමතරව මොළේ උන රෝගී තත්ත්වයන් ඇතුළු ආසාදන තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ පවතින බවත් හෙතෙම පවසා සිටියේය.
මීට දින 14 කට පමණ පෙරදීද ප්‍රමිතියෙන් තොර වීම නිසා ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ කාණ්ඩ අටක් භාවිතයෙන් කළ බවද චමල් සංජීව මහතා සඳහන් කළේය.
ඖෂධ කාණ්ඩ තත්ත්වයෙන් බාල වීම මත ඉවත් කරන නමුත් මෙම ඖෂධ ගෙන්වීමට අදාළව කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව හෝ ඖෂධ හඳුනා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා සමත්ව නොමැති බවද ඔහු පවසා සිටියේය.
ප්රමිතයෙන් තොර ඖෂධ ඉවත් කිරීමෙන් රටේ භාණ්ඩාගාරයට බරපතළ හානියක් වන සිදුවන බවත්, වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය මේ සඳහා යොමු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන මැදිහත්වී මෙවැනි තත්ත්වයක් ලබන වසරේ ඇති නොවීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.