වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ඖෂධ නිකුත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඖෂධහල් හිමියන් හට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ කිසිදු පුද්ගලයෙකු පැමිණ පවසන රෝග ලක්ෂණ වලට අනුව ඖෂධ ලබා දිමට ක්‍රියා නොකළ යුතු බවයි. එය ඖෂධ අධිකාරිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් වෙයි.
මේ පිළිබදව ජාතික ඖෂධ නියමාන අධිකාරිය විසින් නිරන්තර අවධානය යොමු කරන බවත් සඳහන් කෙරේ.