මෙරට සිදුවූ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඊයේ(20) ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සදහන් කරයි
2022 හා 2023 වසර වලිදි ෙප්රමිතියෙන් තොර ඹෟෂධ ගෙන්විම හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් ඹෟෂධ ගෙන්වීමට කටයුතු කර තිබෙන බවත් මේ පිලිබද පසුගිය දා එලි දැක්වු විගණන වාර්තාවකින් පවා හෙලි කර තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය
මේ අනුව අදාල විගණන වාර්තවේ පිටපත් ද ඇතුලත්ව මෙම පැමිණිල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලයට භාර දිමට කටයුතු කල බවද පවසා සිටියේය
අදාල විගණන වාර්තාව මගින් මෙම ක්‍රියාවන්ට වගකිව යුතු පිරිස්වල නම් පවා හෙලි කර තිබෙන බවත් මේ නිසා වැරදි කරුවන්ට නිතිය ක්‍රියාත්මක කල යුතුව තිබෙන බවද සදහන් කලේය.