ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රොන් ප්‍ර භේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍ර භේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතව ලබාගත් සාම්පල 182න් 160කටම ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වී තිබුණ බවත් ඔහු පැවැසීය.
මෙසේ ඔමික්‍රොන් ආසාදිතයන් 160න් බහුතරයක් වාර්තා වූයේ ලංකාවෙන් පිටව යන මගීන්ගෙන් බවද ඔහු සඳහන් කළේය.ඔවුන් කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ, මහනුවර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලින් වාර්තා වී ඇති බවද ඔහු පැවැසීය.