ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
ඒ් අනුව ඔම්ක්‍රොන් ප්‍ර භේදය සමග කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් ඇතැයි පැහැදිලිව පෙන්නුම් කරන බවද ඇය පැවැසුවාය.
ගතවූ මාස කිහිපය හා සැසදීමේදී කොවිඩ් රෝගීන්ගේ මෙම වැඩිවීම සුවිශේෂී වැඩිවීමක් ලෙස දැක්විය හැකි බවද ඇය පැවැසුවාය.
මේ අනුව ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 3347ක් බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව එම සංඛ්‍යාව ඩෙල්ටා රැල්ල ඇතිවීමේදී වාර්තා වූ අගයට සමාන අගයක් බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය.