COVID-19 තවදුරටත් “සමාජමය වශයෙන් අසාධ්‍ය රෝගයක්” නොවන බවත් ඒ අනුව තම කොවිඩ් සීමා බොහෝමයක් ඉවත් කරන බවත් ඩෙන්මාර්කය පවසයි.
ඩෙන්මාර්කයෙන් දිනකට කොවිඩ් රෝගීන් 50000ක් ඉක්මවා වාර්තා වන තතත්වයක් තුළ මෙම තීරණය ඔවුන් ගෙන තිබේ.
එවැනි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවුත් ඩෙන්මාර්කයේ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව පහත වැටී ඇත.
ඔමික්‍රොන් ආසාදන වැඩවීමක් තිබුණත් ඩෙන්මාර්කයේ ඉහළ එන්නත් අනුපාතය සෞඛ්‍ය පද්ධතියට ඇතිවීමට තිබූ විශාල ආතතියක් වළක්වා ඇත.
ඩෙන්මාර්කයේ ජනගහනයෙන් 80% කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති අතර ජනගහනයෙන් 60% කට වැඩි පිරිසකට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත.