2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් ෙපන්නුම් කරන බව ශ්රී ලංකා රේගුව නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව පෙන්වයි.
එසේම 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝම්බර් මාසයේදී අපනයන කාර්ය සාධනය 8.44% කින් වැඩි විය.
2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 323.17 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 19.75% කින් වැඩි විය.
එහි ප්රතිඵලයක් වශයෙන්, 2024 ඔක්තෝම්බර් මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 18.57% ක වර්ධනයක් සහිතව, ඇමෙරිකානු ඩොලර් මිලියන 1,420.27 ක් ලෙස වාර්තා විය.