රුසියා රජයට අයත් ගුවන් සමාගමක් වන ඒරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් ලබන ඔක්තෝබර් 9 දින සිට මොස්කව් සිට ශ්රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
“ඔක්තෝබර් මාසයේ සිට Aeroflot කොළඹ, බැංකොක් සහ ගෝවා වෙත නිතිපතා ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. එයාර්බස් ඒ 330 ගුවන් යානා මෙම ගුවන් ගමන් සඳහා යොදා ගැනෙනු ඇත” ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔක්තෝම්බර් 09දා සිට කොළඹ- මොස්කව් අතර සතියකට ගුවන් ගමන් දෙකක් ක්රියාත්මක කිරීමට නියමිතය.
ඔක්තොම්බර් 30 සිට Aeroflot විසින් බැංකොක් වෙත සතිපතා ගුවන් ගමන් හතක් නැවත දියත් කරන අතර නොවැම්බර් 02 සිට ගෝවා වෙත සතිපතා සේවා තුනක් දක්වා ගුවන් සේවය ක්රියාත්මක කරනු ඇත.
"කොළඹ සහ බැංකොක් වෙත ගුවන් ගමන් සඳහා ප්රවේශපත්ර අලෙවිය විවෘතව පවතින අතර ගෝවා වෙත ගුවන් ගමන් සඳහා ප්රවේශපත්ර අලෙවිය ළඟදීම දියත් කෙරෙනු ඇත," ගුවන් සමාගම වැඩිදුරටත් පැවසීය.