පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.
2019 වර්ෂයේ දී මූර්ත ඒක පුද්ගල ආදායම රු.හය ලක්ෂ පන්දහස් හත්සිය නවයක් වූ අතර 2021 වර්ෂයේ දී එය රු.පන් ලක්ෂ අනූ දෙදහස් හාරසීය දහතුන දක්වා පහළ යාමක් පෙන්නුම් කරයි. 2023 වර්ෂය වන විට එය රු.පන් ලක්ෂ තිස් දෙදහස් හයසීය හතළිස් හයක් දක්වා පහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මේ කාලය තුළ රටේ මූර්ත දල දේශීය නිශ්පාදනය සැලකිය යුතු ආකාරයකින් පහළ යාම මෙයට හේතුවේ. 2019 දී රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 13,206 වූ අතර 2021 වර්ෂය වන විට එය බිලියන 13,125 ලෙසත් වාර්තා වී ඇත.
2023 අවසන් වන විට එය රුපියල් බිලියන 11,881 දක්වා පහළ ගොස් ඇත. මෙම හේතුවෙන් රටේ එක් පුද්ගලයෙකුගේ මාසික මූර්ත ආදායම ද රු.6150කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇත. මූර්ත ඒක පුද්ගල ආදායම මඟින් රටක පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ආර්ථිකයේ සුබසිද්ධිය හෝ යහපැවැත්ම මැනීම සඳහා භාවිත කරන බව මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන වාර්තාවේ සඳහන් වේ.
චන්දන සමරවික්‍රම