තොග වෙළද පොලවල් තුල එලවලු තොග මිල විශාල ලෙස අඩු වි තිබුණත් සිල්ලර වෙළදුන් තොග මිල මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි මිලකට එලවලු හා මිරිස් අලෙවි කරමින් තිබෙන පාරිභොගික ජනතාව සදහන් කරති.
ඊයේ( 29) දිනයේදි පෑලියගොඩ මැනිං වෙළද පොල තුල කැරට් කිලෝවක් රු 300 කට ගෝවා කිලෝවක් රු 300 බෝංචි කිලෝවක් රු 300 අලෙවි වුවත් බොහෝ ප්රදේශවල මෙම එලවලු වර්ග සිල්ලරට විකිණිමේදි රුපියල් පන්සියත් හයසියක් අතර මුදලකට අලෙවි කර තිබේ.
පසුගිය දිනවල රුපියල් අටසියත් දහසත් අතර තොග මිලකට අලෙවි වු මිරිස් කිලෝවක තොග මිල ඊයේ දිනයේදි රුපියල් 350 ක් දක්වා අඩු වි තිබෙන අතර එහෙත් සිල්ලරට අලෙවි කිරිමේදි බොහෝ ්රප දේශවල මිරිස් කිලෝවක් රුපියල් 500 කට වැඩි මිලකට අලෙවි කල වාර්තාවේ.
රුපියල් හත්සියයත් අටසියයත් අතර මිලකට පසුගිය කාලයේදි අලෙවි වු මාලුමිරිස් කිලෝවක තොග මිල ඊයේ දිනයේදි රුපියල් 400 ත් රුපියල්450 ත් දක්වා පහත වැටි තිබු අතර රුපියල් 600 ඉක්ම වු මිලකට අලෙවි වු කරවිල කිලෝවක් රුපියල් 250 ත් රුපියල් 300 දක්වා තොග මිල පහත වැටි තිබෙ.
මිට අමරතව ඊයේ දිනයේදි ලික්ස් කිලෝවක් තොග මිල රුපියල් 150 ත් රු 200 අතර මිලක පැවැති අතර තක්කාලි කිලෝවක තොග මිල රුපියල්350 ත් රු 450 අතර මිලක පැවැති අතර වට්ක්කා කිලෝවක් රුපියල් 200 ක් හා වැටකොලු කිලෝවක් රුපියල් 150 ත් 200 දක්වා පහත වැටි තිබුණි.
මිට අමතරව රාබු කිලෝවක් රු 80ලෙස හා වම්බටු කිලෝවක් රු 150 දබල කිලෝවක් රු 150 නෝකොල්කිලෝවක් රු 150ක හා දෙහිකිලෝවක් රු 150 දක්වා පහත වැටි තිබේ.