වෙළඳපොළේ එළවළු වර්ග රැසක මිල 72%කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.
නුවරඑළිය සහ බණ්ඩාරවෙල ආදී එළවළු සරුවට වගා කෙරෙන ප්රදේශවලින් මේ දිනවල එළවළු සැපයුම පහළ ගොස් ඇත. මේ හේතුවෙන් නෝකෝල් හැර අනෙකුත් සියලුම එළවළු වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියයි.
ඒ අනුව,කැරට් කිලෝවක් සියයට 72 කින්ද, ගෝවා කිලෝවක් සියයට 63 කින්ද, ලීක්ස්, රාබු, බීට්රූට් සහ බෝංචි සියයට 10 ත් 21 ත් අතර ප්රතිශතයකින් ඉහළ ගොස් තිබේ.මාළු මිරිස් කිලෝවක මිලද සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර, තක්කාලි කිලෝවක මිල සියයට 33 කින් පහත වැටී ඇත.වැටකොළු මිලද සියයට 32 කින් ඉහළ ගොස් ඇති අතර, අමු මිරිස් මිල සියයට 22 කින් ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.
කමල් ශ්රී ලියනගේ