පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි උඩරට එළවළු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසති.
පසුගිය දින වල එළවළු වර්ග රැසක මිල පහත වැටී තිබු අතර එය මේ වන විට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තවත් පහත වැටී ඇතැයිද වෙලෙදුන් මෙන්ම ගොවින්ද පවසයි. වෙලෙදුන් පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජල ගැලීම් වලට ලක්ව පැවතීම නිසා පිට පළාත් වෙලෙදුන්ගේ පැමිණිම අඩු විම හා එළවළු වගා බිම් පවතින් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අස්වනු විනාශ වීම හා අස්වනු නෙලීමට ඇති අපහසුතාද මෙම මිල පහත වැටීමට බලපා ඇතැයිද ගොවින් හා වෙලෙදුන් පවසති.
ගොවින් කියා සිටින්නේ මෙම පහල වැටී මිලටවත් එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අපහසුතාවයට පත්ව ඇති බවත් පැමිනෙන වෙලෙදුන්ද තමන්ගෙන් ඉතා අඩු මිලට එළවළු ලබා ගැනීමට උත්සහ කරන බවයි. මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහත පරිදි පවති.
බෝංචි කිලෝවක් රුපියල් 350- 330 අතර මිලකත් තක්කාලි කිලෝවක් රුපියල් 200 - 180 අතර මිලකත් වම්බටු කිලෝවක් රුපියල් 50 - 60 අතර මිලකත් කැරට් කිලෝවක් රුපියල් 70-75 අතර මිලකත් ගෝවා කිලෝවක් රුපියල් 50- 70 අතර මිලකත් නෝකෝල් කිලෝවක් රුපියල් 70 - 80 අතර මිලකත් ලීක්ස් කිලෝවක් 120 - 130 අතර මිලකත් රුපියල් බීට් කිලෝවක් රුපියල් 60 - 70 අතර මිලකත් මාළු මිරිස් කිලෝවක් රුපියල් මිලකත් 500 - 550 අතර මිලකත් දේශිය අර්තාපල් කිලෝවක් රුපියල් 180 - 200 ත් අතර මිලකත් රාබු කිලෝවක් රුපියල් 60 - 70 අතර මිලකත් අමු මිරිස් කිලෝවක් රුපියල් 400 ක මිලකත් පවතී.