තක්කාලි. අමු මිරිස් ඇතුළු බොහෝ එලවලුවර්ගවල මිල දිගින් දිගටම පහල යාම නිස ව වගා කටයුතු සිදුකිරිමට වියදම් කල මුදලවලත් සොයා ගැනිමට නොහැකි වි තිබෙන බව ගොවිජනතාව සදහන් කරයි
සමහර ප්‍ර දේශවල තක්කාලි . රාබු .බන්ඩක්කා .මෑකරල්. නොකොල්.කිලෝවක් ගොවින්ගෙන් රුපියල් 15 ත් රුපියල් 20 ත් අතර මිලකට හා අමු මිරිස් කිලෝවක් රුපියල් 50 ත් 60 අතර මුදලකට මිලදි ගනිමින් තිබෙන බව ගොවිජනතාව පෙන්වා දෙති
අද (17) දින පෑලියගොඩ එලවලු වෙළද පොල තුල බෝංචි කිලෝවක සිල්ලර මිල රුපි. 80 මෑකරල් කිලෝවක සිල්ලර මිල රුපි 40 බන්ඩක්කා කිලෝවක සිල්ලර මිල රුපි 60 නෝකොල් කිලෝවක සිල්ලර මිල රුපි 70
රාබු කිලෝවක සිල්ලර මිල රුපි 50 පතෝල කිලෝවක සිල්ලර මිල රුපි 100 අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපි 160 මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපි 350 කැරට් කිලෝවක සිල්ලර මිල රුපි 200 ලීස් කිලෝවක සිල්ලර මිල රුපි 180 වම්බටු කිලෝවක සිල්ල මිල රුපි 130 බීට් කිලෝවක සිල්ලර මිල රුපි 200දෙහි කිලෝවක සිල්ලර මිල රුපි 350 වැටකොළු කිලෝවක සිල්ලර මිල රුපි 120 වශයෙන් අලෙවි වි තිබේ
ආර්ථික මධ්‍යස්ථානවලට හා පැලියගොඩ මැනිං වෙළද පොලට එලවලු හා අමු මිරිස් තොග ලැබුණත් සිල්ලර වශයෙන් භාණ්ඩ මිලදි ගැනිමට ජනතාව පැමිණිම විශාල ලෙස අඩු විම නිසා එලවලු තොග මිල හා සිල්ලර මිල විශාල ලෙස පහත වැටි තිබෙන බව සිමාසහිත සමස්ත ලංකා එකාබද්ධ විශේෂිත ආර්ථීක මධ්‍යස්ථාන හා මැනිං වෙළද සමිතියේ ජාතිකසංවිධායක එච් එම උපසේන මහතා සදහන් කලේය
මෙම තත්වය මේ මස 25 වන දින දක්වා පැවැතිය හැකිය බවත් ඉන් පසුව එලවලු හා අමු මිරිස් අලෙවිය ඉහල යනු ඇතැයි අපෙක්ෂා කරන බවද පවසා සිටියේය