පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරි කාලයෙහි එළවළු මිල ඉහළ යෑමේ අවදානමක් පැවතුණද, කුකුළු මස් මිළ ඉහළ නොදැමෙන බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා සඳහන් කර සිටියේ අධික වර්ෂාව හේතුවෙන් ව්‍යාපාරික මට්ටමේ එළවළු වගා රැසක් විනාශවී ඇති බවයි. කෙසේ වුවද පවතින තත්ත්වය තුළ කුකුළු මස් මිළ ඉහළ නොදැමීමට කුකුළු නිෂ්පාදන සමාගම් හා කුකුළු ගොවිපොළ අයිතිකරුවන් තමන්ට එකඟත්වය ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මාළු මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර පරිභෝජනය මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.