මහරගම පන්නිපිටිය A N FRESS CHOICE එළවලු වෙළඳසැල් ජාලය තෙවන වරට සංවිධානය කළ " එළවළු දන්සැල " පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පන්නිපිටිය A N නව එළවළු වෙළද සැල් පරිශ්‍රයේදී ඊයේ (08) දා පැවැත්වුණි.
මේ සඳහා විසි දහසකට අධික ජනතාවක් සහභාගී වී සිටි අතර සවස 04 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දන්සලට පැවත්වුණි . ඒ සදහා සහභාගි වූ ජනතාව පෙරවරු 11 පමණ සිට පන්නිපිටියේ සිට මහරගම දෙසට කිලෝ මීටර් දෙකක් පමණ දුරකට පෝලිමේ රැඳී සිටිනු දක්නට ලැබුණි.
එක් පුද්ගලයකු සදහා එළවළු වර්ග 15 පමණ ලබා දී තිබූ අතර එක් අයකුගේ එළවළු බෑගයක දළ වටිනාකම රුපියල් දෙදහසකට අධික බව ජනතාව පවසති .
මෙම සත් කාර්ය පිළිබදව අදහස් දැක්වූ A N එළවලු වෙළඳසැල් ජාලයේ හිමිකරු ආනන්ද විජේරත්න මහතා මෙසේ පැවසීය.
මා සතුව එළවළු වෙළඳසැල් කිහිපයක් තිබෙනවා. එහි සේවකයින් විශාල පිරිසක් සේවය කරනවා. අපි තුන්සිය හැටපස් දවසෙම කරන්නේ පාරිභෝගිකයන්ට එළවළු විකුණන එක.ඒ නිසා මට හිතුණා මගෙන් එළවළු ගන්න පාරිභෝගික ජනතාවට තුන්සිය හැටපස් දවසෙන් එක දවසක් හෝ නොමිලේ එළවළු ටිකක් දෙන්න. ඒ අනුව තමයි මේ සත්කාරය ක්‍රියාවට නැන්වෙන්නෙ. 2024 වසරෙදි මේ කරන්නේ තුන්වැනි වරට.
මෙම අවස්ථාවේදී දන්සල සඳහා වැය වූ මුදල කොපමණදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ , මම බැලුවේ එළවලු වලට වැයවෙන මුදලේ වටිනාකම නෙමේයි. මම බැලුවේ මුදලට වඩා එළවළු වර්ග කීයක් දෙන්න පුලුවන්ද කියන එක යැයි පැවසීය.
මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , A N එළවලු වෙළඳසල් ජාලයේ අධිපති ආනන්ද විජේරත්න , මහරගම ස.ජ.බ සංවිධායක ගාමිණී තිලකසිරි, මහරගම නගර සභාවේ ලේකම් අරුණ .ඩි . ඩයස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න