නිදාගෙන සිටියදී අවදි කෙරුවයි උරන වී උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී වැඩ තහනම් කළ බව ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
වැඩ තහනමට ලක්කල එම පොලිස් නිලධාරීවරයා මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
කොස්තාපල්වරයා ඉකුත් 24 වෙනිදින පැය 1800 සිට මධ්‍යම රාත්‍රී 1200 දක්වා ගල්කිස්ස පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරී යෙදී සිටියදී රාත්‍රී කාර්යභාර නිලධාරි ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රධාන දොරටුවේ රාජකාරී පරීක්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදී කොස්තාපල්වරයා නිදාගෙන සිට ඇත.
එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් රාත්‍රී කාර්යභාර නිලධාරියා කොස්තාපල්වරයාගෙන් විමසීමේදී එකවරම නිලධාරියා විසින් රාත්‍රී කාර්යභාර නිලධාරියාට පහරදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුව එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී කොස්තාපල්වරයා මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරියේ ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි දිස්ත්‍රික් එක රෝහන් පුෂ්පකුමාර මහතා විසින් එම වැඩ තහනම සිදුකර ඇත.