මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2022 .06.27 වෙනි දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන බවට තොරතුරක් අනුව තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක් සමග ස්කිපර් වරයෙකු සමග තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදල් විශුද්ධකරනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි
එම ධීවර යාත්‍රාවේ ස්කිපර් වරයා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයෙන් පසු මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාර ගතව සිටින විධානගමගේ නලින් සුරංග යන අය විසින් ලබාදුන් මුදල් සම්බන්ධයෙන් විමර්ශනයේදී ඔහුගේ බිරිඳ ගේ නමට රාජ්‍ය බැංකුවක 2023 වසරේ අගෝස්තු 28 වෙනිදින රුපියල් එක්කෝටි අසූ තුන් ලක්ෂයක මුදලක් තැන්පත්ව ඇති බවටත් එම මුදල් වෑන් රථයක් අලෙවි කළ මුදල් බවත් එම වෑන් රථය මරණීය දණ්ඩනය ලද නලින් සුරංග යන විසින් ඔහුගේ අනියම් බිරිඳගේ නමට 2017 වසරේදී මිලදී ගත් එකක් බවට අනාවරණය වී තිබිණි
ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝග 2024 .06.06 වෙනි දින ලබාගෙන එම ගිණුම් තහනමට ලක්කිරීමේදී එදිනම උදෑසන ඉහත ගිණුම්වල ඇති මුදල් එම සැකකාරියන් විසින් නැවත ලබාගෙන මුදල් ඉදිරිපත් කිරීමක් සිදු නොකර අත්අඩංගුවට ගත් සැකකරු වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමේදී ඔවුන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් ඉදිරිපත් නොකර සැඟවීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය කුඹු ගොඩ ආර මහ පැලැස්ස දකුණ පදිංචිකරුවෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය