ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තම නම නොතිබුණත් පොහොට්ටු ලකුණ අනිවාර්යෙන් දැකගත හැකි වන බවත් පොදු ජන පෙරමුණ අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති බවත් එම අපේක්ෂකයන් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (11) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව පැවසීය .
එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර වැඩි වෙනසක් නොමැති බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා එම දෙපාර්ශ්වයම මිනිස් ඝාතන සිදු කරමින් රජයේ දේපොළ විනාශ කළ බවද පැවසීය .
ඇතැම් දේශපාලන පක්ෂ ප්රබලත්වයට පත්ව තිබෙන්නේ කයිවාරුවෙන් පමණක් බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා අරගල කර ආණ්ඩු පෙරළීමට ගියේ එවැනි කයිවාරුකරුවන් පිරිසක් බවත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ හොරු ඇල්ලීමට පැමිණි අය හොරකම්වල සැකකරුවන් බවට පත්ව බන්ධනාගාරගත වීම පමණක් බවද පැවසීය .