රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්රියාත්මක වන පරිදි නවතා තිබේ.
ඒ එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් රැසියාවට පිටත්වීමට නොදී කටුනායක රඳවා ගැනීම හේතුවෙනි. මේ අනුව ශ්රී ලංකාවට වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සිදුනොකරන බවත් ශ්රී ලංකාව වෙත ගමන් කිරීම වෙනුවෙන් ගුවන් ප්ර වේශපත්ර අලෙවියක් සිදුනොකරන බවත් සමාගම නිවේදනය කරයි.
එසේම එම ගුවන් සේවය හරහා නැවත රුසියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ගුවන් මගීන් වෙනුවෙන් වෙන්කරන ලද ගුවන් යානාවක් හරහා රුසියාවට ගෙන්වා ගන්නා බවත් එම ගුවන් යානා කොළඹට ගමන් කරන්නේ කාර්ය මණ්ඩලය සමගින් පමණක් බවත් එම ගුවන් සේවය ප්රකාශ කරයි.