තමාගේ වන්දිමුදල් ගෙවීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ අධිකරණය මිසක් කාදිනල්තුමා නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
හිටපු ජනපතිවරයා මේ බව පැවැසුවේ අද පෙරවරුවේ මහනුවරට ගොස් දළදා වහන්සේ වැද ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඔබතුමා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා?
ඕවා නිකන් හුළඟේ යන කථානේ. අපි දන්නේ නෑ මැතිවරණයක් තියෙනවද? කවදද තියෙන්නේ? මොන මැතිවරණයද තියන්නේ කියලා.
විශේෂයෙන් ජනාධිපතිතුමා හා මැතිවරණ කොමිසම තමයි ඒවා තීරණය කරන්නේ. එතෙක් රට වෙනුවෙන් හා පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඒ කටයුතු අපි කරගෙන යනවා.
විපක්ෂයේ කණ්ඩායමක් රජයේ දෑත් ශක්තිමත් කරන්න එනවා කියනවා.
එවා ඔයාලමනේ කියන්නේ.
දඩ මුදල ගෙවන්න ලෑස්ති වෙලාද ඉන්නේ?
ඒක ඉස්සරහට බලමු. අධිකරණය කියන දේ කරන්න එපෑ. ඒවට ගරු කරන්න ඕනනේ.
කාදිනල්තුමා ඊයෙත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ගෙව්වේ නැත්නම් දැඩි තීරණ ගන්න ඕන කියලා?
එයා අග්‍රවිනිශ්චයකාරතුමා නෙමෙයිනේ ඒවා තීරණය කරන්න. ඒවා තීරණය කරන්නේ අධිකරණය