එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය නියෝගයකින් සමාව හිමිව තිබේ.
2024 අප්‍රේල් රාමසාන් මාසය වෙනුවෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇත.
රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට යොමු කිරිමට නියමිතය. අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණය කරනු ඇත.