එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ පසුගිය 8 වනදා සිදුවූ මාරක දුම්රිය අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට වුණි.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කැලණියේ පමුණුවිල ගෝනවල ප්රදේශයේ පදිංචි කැළුම් තුෂාර සිල්වා මහතාගේ සැමියාගේ හදිසි වියෝවෙන් දැඩි ලෙස කම්පනය හේතුවෙන් ඔහුගේ බිරිද රසෝමා හසන්ති කබ්රාල් මහත්මිය හදිසියේම ඇතිවූ හර්ද්යාබාධයකින් කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබෙනවා.
සැමියාගේ දේහය පිලිබදව අවසන් කටයුතු සිදු කිරීමටද පෙර ඊයේ දහවල් පපුව රිදෙන බව පැවසූ බැවින් කඩිනමින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති අතර පසුව ඇයද ජීවිතක්ෂයට පතව ඇත.