එජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“අපි මාධ්‍ය හමු පැවැත්වීම නවත්වා පූරණකාලිනව සහන සේවා වල යෙදී සිටින අතරේ එජාපයත් ජවිපෙත් ජනාධිපතිතුමාට පදනම් විරහිත චෝදනා නගමින් පාලු ගෙයි වලං බිඳිමින් ඉන්නවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියෙන් ජනාධිපතිට පැවරුණු බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සහ නාමයෝජනා කැඳවීමටත් මැතිවරණය පැවැත්වීමටත් දින නියම කිරිම දැනටම කරලා ඉවරයි.
ව්‍යවස්ථාවේ 103 වගන්තිය අනුව මැතිවරණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව මැතිවරණ කොමිසමටයි. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් ලැබුණු බලතල අනුව වසංගත තත්වය සලකා මැතිවරණය කල් දැමීමට කටයුතු කලේ ජනාධිපති නොව මැතිවරණ කොමිසමයි.
ඒ වගේම මේ වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරීම සුදුසු නෑ කියමින් ජනතාවගේ කඳුළු මැද පටු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන්න එපා. වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ.
වසංගත තත්වය යටතේ මැතිවරණය කල් දමනවා කියා මැතිවරණ කොමිසම තීරණය කලාම ආණ්ඩුව ඒ තීන්දුව පිලිගත්තේ ආණ්ඩුවට මැතිවරණයට වඩා වසංගත මර්දනය ලොකු නිසා. වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුව කිසිම අවස්ථාවක කියා නෑ. ඒ නිසා ආණ්ඩුවට වසංගත මැද ඡන්ද පැවැත්වීමේ උවමනාවක් තිබෙන බව කීම පදනම් විරහිත චෝදනාවක්.
ජනාධිපතිවරයා පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු කියනවා. ව්‍යවස්ථාවේ කොහේද එහෙම තිබෙන්නේ? විසුරුවා හළ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු අවස්ථාවන් එකයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒ ජනාධිපති විසින් හදිසි නීතිය පනවන අවස්ථාවක. ව්‍යවස්ථාවේ 155(4) වගන්තිය අනුව හදිසි නීතිය පැනෙව්වොත් හදිසි නීතිය පැනවීමේ ප්රකාශනයම පාර්ලිමේන්තුව කැඳවීමක් වෙනවා. නමුත් ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය පනවලාත් නෑ පනවන්න බලාපොරොත්තුවකුත් නෑ. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නීතිමය බැඳියාවකුත් නෑ.
ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව හදිසි අවස්ථාවක දී පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය යැයි ජනාධිපති කල්පනා කරනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. නමුත් කොරෝනා මර්දනයට පවතින නීති ප්‍රමාණවත් කියා නිලධාරින් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්නේ මොකටද?”