කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්තී‍්‍රවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
මෙම සාකච්ඡාව දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්තී‍්‍රවරුන් රවී කරුණානායක,රුවන් විජයවර්ධන, නවීන් දිසානායක ,දයා ගමගේ ,අර්ජුන රණතුංග ලක්ෂ්මන් විජේමාන්න සහ පාලිත රංගේබණ්ඩාර යන මන්තී‍්‍රවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම,නීතිය ක්‍රියාත්මක කිරීම,සහනාධාර බෙදාහැරීම, ඖෂධ බෙදාහැරීම , අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වනු ඇත.