එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවීමට තිබූ කාලය පසු වී තිබුණත්ඒ සම්බන්ධයෙන් පරක්කු වී හෝ සාකච්ඡා කිරීම හොඳ කටයුත්තක් බව මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය අද (30) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහා නා හිමියෝ ඒ බව පැවසූහ.
පක්ෂ කැඩී යාම මේ වන විට සාමාන්‍ය දෙයක් වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ පක්ෂ දෙකට තුනට කැඩී ගොස් ඇති බවද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.
මීට පෙරද එක්සත් ජාතික පක්ෂය එකතුවීමක් සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වුවත් එය සාර්ථකවීමක් නොපෙනුනු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ තනි පක්ෂයක් වශයෙන් පැවති එක්සත් ජාතික පක්ෂය දෙකඩ වූ පසු යළිත් එකතුවීමක් පිළිබඳව 2020 දී හඬක් නැගුන ද දෙපාර්ශ්වයේම පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් එය දිනෙන් දින පසුපසට ගිය බවයි.
රට ආර්ථික වශයෙන් වැටුණු අවස්ථාවේ තනතුරු හා ජයග්රාණ පසෙක තබා රට හා ජනතාව ගැන සිතාපක්ෂ දෙක එකතුවීමට තිබූ බවද මල්වතු මහා නා හිමියන් හමුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.