එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන්ම රටවල්වල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත අවධාරණය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
ශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් මහතා සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එසේම වත්මන් ගෝලීය ආතතීන් තව දුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම් වලින් රටවල් වැළකිය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවයට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක් බවද ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.